උන්නු තැන ඔබ තාම උනුසුම්

මම  පුංචි  කාලෙ  හරිම  හුරතල්   විදිහට දැකපු  හිනයක්  තිබුනා. මගෙ  එ  සිනිනයෙ  ලස්සන  කුමාරිකාවක්  හිටියා . අපිට  ලස්සන   මාලිගාවක් තිබුනා අපි   එ මාලිගාව   වටෙ තිබෙන   උයන් දිගෙ   ආදරෙන්   දැගිලි  පටලා පියවර  නැගුවා…………..මගෙ සිහිනයෙන්   මම  අවදි වෙලා කියලා මට  දැනුනෙ  පාසලේ දි ඔය  ලස්සන  ඇස් දෙක  මාත්  එක්ක  ඔච්චම්  කරපු දවසේ .මගෙ  සිහිනයෙන්  මා  අවදි  කරපු  පලමු දින   මට  අද  වගෙ මතකයි. …… කාලය  හිමින්  ගත වෙලා මගෙ  කුලුදුල්  පෙම්වතිය  මගෙ  මනමාලි  වෙලා  පුංචි  නිවහනට  කැන්දා  ගෙන ආවෙ  රැජිනක් වගෙ  ඔයාව  තියාගන්න ….   මට  ඔයත්  එක්ක  අරමුනක්  තිබුනා. අපි දෙන්නා  අනාගතය   ගැන   අසිමිත බලාපොරොත්තු  ගොඩනැගුවා  ඔයාට මතකද……ඔයාගෙ  ආදරෙන්   හදවත   පුරොගෙන  ඉන්නකොට  මම  බොලද මොඩ  වඩ  කරා ….  ඔයා  මට  කරුනාවෙන්  එවා පෙන්නුවා  මට  හිතුනා  මම   හරිම  වාසනාවන්යි  කියලා. ඔයා  වගෙ  බිරිඳක්   ලබන්නට . මම  සැහැල්ලුවෙන්  කාලය  ගතකරා කිව්වොත්  මම  නිවැරැදියි .අපි  අතර  පුංචි   ගැටලු  තිබ්බා  තමයි.  කතාවක්  කියනවනෙ   නොනායි  මහතාගේ   රන්ඩු  බත්  හැලිය  ඉදෙන කන්  කියලා  මාත්  හිතුවෙ  එහෙයි. මට  ඔයාව  තෙරුම්  ගන්න බැරි වෙනවා  වගෙ  මට  දැනුනා  එත්  මම  හිත  හදා ගත්තා.ඔයා මගෙ   ඔයා මගෙ  ආත්මය  වෙලා මට  දැනුන  නිසා මම  හිතුවා  ඔයා  මම  කියලා. මම  ඔයාව  වෙන්කරලා  හිතුවෙ  නැ. දවසින්  දවස   ඔයා දුරස්  වෙලා  මට  රිද්දදි නපුරු   දෙවල්  කියද්දිත්  මම  ගනන් ගත්තෙ   නැ   මම  හිතුවෙ  ඔයා  මට  විහිලු  කරනවා  කියලා. හැමදෙම  මම  එ  විදිහට   හිතුවා .  මම  ඔයාව   ගොඩක්   විශ්වාස  කරා .ඔයා මට   වෛර කරලා කියලා  මම  දැනගෙන  උන්නෙම  නැ .  මට  ඔය  ඔක්කොම   තෙරුම්   එන කොට  ඔයා  මාව දාලා   ගිහින් ..  අපෙ  කාමරය   බාල්කෙන්  ඔයාව  මගෙ  මෙ  අත්  දෙකින්  බිමට  ගද්දි……. අයියෝ   … …  මම  මොනතරම්   කරුමක්කාරයෙක් ද  කියලා . ඔයා  මම  මොන  වරදක්   කරාටද  මට  මෙ  දඩුවම   දුන්නේ   කියලා .  මම  ඔයා  බදාගෙන   ඔයාට  කතාකරද්දි   ඔයා  සතුටු  උනාද ..  මට  තෙරුම්  ගන්න  බැ  අදත්   ඔයා  කොහොමද   එහෙම   කරෙ කියලා…… අපිට  ලොකයෙ  අනිත්  මිනිසුන්ට  වගෙ  ප්‍රශ්න   තිබුණේ   නැ  ..  මම  පුංචි  අඩ්යක්   ගහලා  ගෙදර  අවට   ඔයාට   කිසිම  කරදරයක්   කරලා  නැ .ඔයාට  මට  පුලුවන්   විදිහට   හොඳින්   සැලකුවා. ඔයත්  සතුටින්  හිටියා   කියලා  මම  හිතුවෙ ….   ඔයා  දන්නවාද   ඔයා  මට  දුන්නේ  හරිම   පුදුමාකාර   දඩුවමක්…. ඔයා  දන්නවාද   මම  ඇඩුව තරම්  මට  තව  කදුලු  නැ  හඩන්න…. ඔයා  මෙ  දුක මට  දිලා  ගොඩක්    සතුටු   උනාද …. මට  පෙන්නෙ  නැතිව   ඇවිත්   මම  දිහා  බලලා  හිනා  වෙනවද   ….  මට  ඔයා  මගෙ  ලග  ඉන්නවා  දැනෙනවා  ඔයා  නපුරු   නැ .  ඔයාට   මාව එච්චරම   එපා  උනාද .  මගෙ  වරදක්   තිබුනා නම්   ඔයාට   මාව   හදාගන්න   තිබ්බා   ඔයා  දන්නවා  මගෙ  මොඩකම්… ඇයි   ඔයාගෙ  මොඩයාව  දාලා  ගියෙ  මෙ විදිහට …
මම   ජිවත්  වෙනවා    මැරි මැරි    ජිවත් වෙනව  ඔයාගෙ  අපුරැ  දඩුවම   විදිනවා…
ඔයා   දන්නවා   හැමදාම   හිනෙන්  ඔයා මාත්   එක්  තාම  ඉන්නවා   අපෙ මාලිගාවෙ මම  ඔයාගෙ  අත  තදින්ම   අල්ගෙන  තමයි  එ  හිනෙ  ඉන්න   මොකද   හිනෙනුත්  ඔයා  මාව  දාලා   යයි කියලා  …අනෙ එතකොටවත් කියන්න මම ඔයාට කල වරද …. අනෙ  පුලුවන්  නම්  මට  ආයිත්   ඔය  කතා  කරන  ඇස්  දෙක   දකින්නට  ඔය   මුහුණ   උඩින්   එබිලා . කියන්න   මෙ  දඩුවම   සැර  වැඩිය   එත්  මම  ඔයාට  තාම  ආදරෙයි   කියලා…
මම  බලා ගෙන  ඉන්නවා …….
ඔයා   ආපසු   මුනගැසෙනකම්  …….  එත්  ඔයා  උන්නු   තැන  තාම  හරි උනුසුම් ………!

ප්‍රථම පෙම

අරලියා වැට දිගෙ  තවම මල් පිපෙනවද
පල්ලියෙ සිනු හඩ තව  හොදින් අසෙනවද
බාලිකාවන්  හිමින් පෙලියට  අදෙනවද
පන්තියේ දැල ගාව තාම  කොටු ගනිනවද
පුංචි  මල් ගහ  ගාව ඔබ  මාව  හොයනවද

අනොරා පෙම් වැස්ස  තාම ඔහෙ වහිනවද
වෙන්කරපු  අකුණු සැර  තාම හද දවනවද
ආදරෙ  දරුණු  කම  දැන් හොදින් දැනෙනවද
කටුක  ඉරණම  අනෙ සරදම්ම කරනවද

වියපත්  වෙලා බව කවුරුත්ම කිවුවාද
සිහිනයෙන්  ඔබ තාම මාව ඔහෙ හොයනවද
මගෙ සිහිනය දිගෙ ඔබ් ඇවිත්  යනවමද
මැරෙන තුරු ඔය වගෙ සිහිනයෙන්  එනවමද
මෙච්චරම  ආදරෙ  කරපු බව හැගෙනවද
පලමු  පෙම අරුම බව දැන් ඉතින් දන්නවද

සංසාරෙන් මිදෙන තුරා

20090405_009
ඔබ දුටුව පළමු දින
බුලත් හුරුල්ලත් අතතැතිව පිය නැගුවේ
හෙළ සිරිතට……එදා දුටු ඔබේ නුවන්
ලියවුනා මගේ සිතේ
එ නුවන් පෙරහරින් සදානොවනස් වන ලෙසේ
බැදුනාය රන් හුයෙන්

කුලගෙදර අසිරිසර මා වටා රඟන විට
හිමියණි ඔබේ දෙපා නැමදුවේ සෙනෙහසින්
දසමසක් කුසදරා ඔබෙ දරුන් වැදු කල
නොදැනුනා වේදනා ඔබේ නෙතඟ දුටුව කල

මගේ දෙතනේ කිරි වලින් ඔබේ දරුන් රකින විට
දහඩියෙන් තෙත් වෙච්ච ඔබ ගෙදර වඩින විට
මගේ කුසගිනි නිවි ඔබේ බත බෙදෙනු ඇත.
අඟහිගත් තිබුන විට අපේ ගෙදර වැසෙන්නට
වෙනස් වෙන්නෙම නැ හිමියනේ මගෙ හද

දරුවනුත් දිග දි මිත්තනිය වෙලා අද
නොවෙනස්ව පෙනෙන්නෙ මට ඔබේ සොදුරු හද
දුකයි සැපතයි දෙකට මම ඔබේ ආදරිය
හැරමිටියේ වාරුවෙන් ඔබේ සුරතත් රෑගෙන
යන්නේ තව ටික දුරයි
වෙන්වෙන්න වෙනවමයි
මෙ භවේන් වෙන්වුනත් දුකක් නැ මගේ හිතට
නමදිමි ඔබේ දෙපා
සංසාරෙන් මිදෙන තුරාවට…….

මෙය මා ලියන විට මෙ යුවල වෙන් වෙලා වෙන්න පුලුවනි,මෙම ජායාරුව මා ගනිද්දි මාගේ සිත තදින් සසල විය. මන්ද අපට කාලීනව මෙවැනි යුවලක් මුන ගැසිම පුදුමයකි. නූතන සමාජයට නම් මෙය පුදුම හතෙන් එකකි…….

ගැහැණිය ගනු දෙනුවක්

මම ගැහැණියක්…… මාත් අපුරු කන්‍යාවියක් වෙලා හිට්යා. ඇත්තටම ඒ කලේ හරිම සුන්දර කාලයක් කිව්වොතින් මම නිවැරදියි කියලා මට හිතන්නෙ.
මොකද හැමොම මාව පරිස්සම් කලා.තනියම කොහේවත් අරින්නේ නැ.පිරිමි ලමයේක් කතා කලොත් ඇයි ,මොකද,ඔයවගේ ප්‍රශ්න කොටියයි……….මට මතක් වෙනකොට හිනාත් යනවා දුකත් හිතෙනවා…….

මොකද දැන් ඒ පරිස්සම ඇලියාවට ගිහිල්ලා.ටික කාලේකට කලින් බොහොම ගරු කටයුතු විදිහට පොරුවේ තියලා මාව ගැහැණියක් කලා..මගේ අයිතිය සම්පුර්ණයෙන්ම ස්වාම් පුරුෂය බාර කරලා.මෙක අලුත්ම තාලේ වෙළද ගනුදෙනුවක්.ගැහැණිය හරියට ලොකු ලාබයක් ගන්න හිතාගෙන ගොවියෙක් හිටවන බ්ජයක් වගේ.මොකද ඇත්තටම ලාබෙ ගන්නෙ වෙළෙන්දා.ඇයි ගැහැනුන්ට මෙහෙම උනේ.මෙක කොතනින් පටන් ගත්තද කියලා කාටවත් කියන්න බැ.හරිම පුදුමයි.ගැහැනුන් උපදින්නේ මොනාටද……කා වේනුවෙන්ද………කන්‍යාභාවය නම ඇති වෙළඳනාමය සඳහා………ද?

සොදුරු ඇරයුම

ඔබ කිසිදා දැක නැති
කිසිදා අසා නැති
ගැහැණියකගේ හදවත තුල ඉපදි
හදවත තුලම මිය යන
රිද්මය, වේදනාව, සතුට, රාගය
අනුරාගය,විදිම්,විදවිම, හා
නොඉදුල් ආදරය හදුනාගැනිමට
තවත් ගැහැණියකගේ ඇසින් දකින්නට
ගැහැණියකගෙන් මෙලොවට ජනිත වු ඔබ සැමට
කරන ඇරයුමයි ………

දික්කසාදය

 

images-6

මෙය අරුම පුදුම දෙයකි. සමාජය තුල විවාහ වෙනවා මෙන්ම දික්කසාදත් වැඩිවී ඇති බව නොරහසකි.ඈත අතීත්යේඅ මිනිසුන් විවාහ විය. තවත් සමහරු විවාහ සහතිකයක් නොමැතිව යහපත් පවුල් ජීවිතයක් ගත කර ඇති බව අප හොඳින් දන්නා කරුනකි.නමුත් කාලීනව සුන්දර ලෙස දිවයිනේ ඇති ලොකුම හෝටලයක මගුල් ගෙදර ගන්නා සිහිනය අතැතිව ඉන්නා අය අප්‍රමාණ නමුත් ඔවුන් තුල පවුල් ජීවිතයේ ඇති සියලුම ස්ංකල්ප තිබෙනවාද කියා මට සැකයක් පවතී.
අද සමාජය තුල පවුල් ජීවිත ගත කරන අය සොයා ගැනීම ඉතා අපහසු අතර පවුල් කන අය නම් සොයා ගැනීම ඉතා පහසුය.මීට පෙර මා ලිවූ ලිපියකට මට ප්‍රතිචාරයක් ලැබී තිබිනි. එහි අන්තර්ගතව තිබූ දෙය ගැන මට මෙහි ලියන්න සිතුනි. මන්ද එය මට මේ ලිපිය ලියන්නට පිටුවහලක් විය.(ප්‍රතිචාරය:”කසාදය වෙලෙඳ ගනුදෙනුවක් නම් පිරිමියාට හැමදාම අලාභයි”).
කසාදය වෙන්දේසියක් කරගන්නා පිරිමිද ගැහැනුද අප දැක තිබෙනවා නොඅනුමානයි.
උත්තරීතර සම්බන්ධය ඇති තැන නිතැතින්ම ගනුදෙනුවකි.
“ගනුදෙනු” කියන වචනයේ තියෙන ගැඹුර සැබවින්ම අර්ථවත්.එය විවාහය තුල ඇති පදනම කියා පානවා.එය හරි සියුම්.මන්ද විවාහය යනු ඔබට යමක් කරනවාට ඔබ කැමතිද ඒ දේම අනිකාට කරන්න(ගනු-දෙනූ.
විවාහයේ පදනම හා සාරය මෙය බවයි මට හැඝෙන්නේ.මා විවාහය වෙන්දේසියක් කියා පැවසුවේ පිරිමියා විසින් ගැහැනියට price tag එකක් අලවනවා. ගැහැනියත් එසේමයි. ඒ මිලට විවාහය තුලදී එකිනෙකාට ලන්සු තියනවා.උපරිම මිල හොයනවා එකිනෙකා තුල.පවුල් ජීවිතේ ස්ංකල්ප පලා යනවා.නූතන පවුල තුල පවතින තත්වයයි මේ.වෙන්දේසි පොලට ඇතුල් වෙන්න ගන්න අවසර පත තමයි විවාහ සහතිකය.අන්තිමට බැලුවම ඉතිරි වෙලා තියෙන්නේ දික්කසාද සහතිකය.
විවාහය තුල එකිනෙකාට ගරු කිරීම,තේරුම් ගැනීම,කැප කිරීම තිබෙනවාද කියා බැලිය යුතුයි.මිල දර්ශන ගලවා දමා ස්වාමියා භාර්යාව යන තැනට පැමින මා මගේ යුතුකම් ඉෂ්ට කලාද කියා බැලිය යුතුයි.
දික්කසාදය නම් තැනට පත්වූ සියල්ලෝම ගැන සලකා බලීමේදී එක් පාර්ශවයක් අතිශයින් පීඩාවට පත් වෙලා.මමත්වය ඉස්මතු වෙලා.මෙයට වග කිව යුත්තේ විවාහය නමැති බන්ධනයෙන් බැඳුනු ගැහැනිය හා පිරිමියායි.