සංසාරෙන් මිදෙන තුරා

20090405_009
ඔබ දුටුව පළමු දින
බුලත් හුරුල්ලත් අතතැතිව පිය නැගුවේ
හෙළ සිරිතට……එදා දුටු ඔබේ නුවන්
ලියවුනා මගේ සිතේ
එ නුවන් පෙරහරින් සදානොවනස් වන ලෙසේ
බැදුනාය රන් හුයෙන්

කුලගෙදර අසිරිසර මා වටා රඟන විට
හිමියණි ඔබේ දෙපා නැමදුවේ සෙනෙහසින්
දසමසක් කුසදරා ඔබෙ දරුන් වැදු කල
නොදැනුනා වේදනා ඔබේ නෙතඟ දුටුව කල

මගේ දෙතනේ කිරි වලින් ඔබේ දරුන් රකින විට
දහඩියෙන් තෙත් වෙච්ච ඔබ ගෙදර වඩින විට
මගේ කුසගිනි නිවි ඔබේ බත බෙදෙනු ඇත.
අඟහිගත් තිබුන විට අපේ ගෙදර වැසෙන්නට
වෙනස් වෙන්නෙම නැ හිමියනේ මගෙ හද

දරුවනුත් දිග දි මිත්තනිය වෙලා අද
නොවෙනස්ව පෙනෙන්නෙ මට ඔබේ සොදුරු හද
දුකයි සැපතයි දෙකට මම ඔබේ ආදරිය
හැරමිටියේ වාරුවෙන් ඔබේ සුරතත් රෑගෙන
යන්නේ තව ටික දුරයි
වෙන්වෙන්න වෙනවමයි
මෙ භවේන් වෙන්වුනත් දුකක් නැ මගේ හිතට
නමදිමි ඔබේ දෙපා
සංසාරෙන් මිදෙන තුරාවට…….

මෙය මා ලියන විට මෙ යුවල වෙන් වෙලා වෙන්න පුලුවනි,මෙම ජායාරුව මා ගනිද්දි මාගේ සිත තදින් සසල විය. මන්ද අපට කාලීනව මෙවැනි යුවලක් මුන ගැසිම පුදුමයකි. නූතන සමාජයට නම් මෙය පුදුම හතෙන් එකකි…….

Leave a Comment